Saturday, February 18, 2012

කතරගම තහනම් කලාපයක් වෙයි

කතරගම සිට ලුණුගම්වෙහෙර දක්වා මාර්ගය සහ තම්මැන්නාව මැණික් ඉල්ලම අවට ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත් කර තිබෙන බව පොලිසිය පවසයි.
 


ඒ අහඹු ලෙස කතරගම, තම්මැන්නාවෙන් මතු වූ මැණික් ඉල්ලමක් හේතුවෙනි.

මැණික් ඉල්ලම අවට ප්‍රදේශයේ අද පෙරවරුවේත් විශාල පිරිසක් මැණික් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රැස්ව සිටි බව අප වාර්තාකරු පවසයි.

පසුගිය 14 වෙනිදා අහඹු ලෙස තම්මැන්නාව ප්‍රෙද්ශයෙන් මැණික් ඉල්ලමක් මතුවිය.

අද නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ බහුතර පිරිසකට මැණික් ගැරිමට අවස්ථාව සැලසීමේ අරමුණින් මෙම ඉඩම ලබන 24වෙනිදා වෙන්දීසි කරන බවය.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි එම ප්‍රෙද්හයට උපරිම ආරක්ෂාව ලබාදී තහනම් කලාපයක් බවට පත්කර ඇති අතර, වෙනද්දේසිය කතරගම සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වේ.

No comments:

Post a Comment